Posts

Showing posts from July, 2026

අල්ගොරිතම යුගයක මානව අනන්‍යතාවය

Image
         අද වන විට මිනිසාගේ දෛනික ජීවිතයට වඩා වේගයෙන් තොරතුරු ජනනය කරන තාක්ෂණික ලෝකයක් අප වටා නිර්මාණය වී ඇත. එරික් ෂ්මිත් වරෙක පැවසූ පරිදි, දින දෙකකට වරක් ලෝකය විසින් නිපදවන දත්ත ප්‍රමාණය, ශිෂ්ටාචාරයේ ඇරඹුමේ සිට 2003 දක්වා නිපදවූ සමස්ත දත්ත ප්‍රමාණය ද ඉක්මවා යයි. කෘතිම බුද්ධිය (AI) මගින් ඒ දත්ත ගංගාව අද වන විට මහා සාගරයක් බවට පත් කර ඇත. මෙවන් පසුබිමක, අප නිපදවන දේ අතරින් සැබෑ "මිනිස් ස්පර්ශය" සහිත දේ හඳුනා ගැනීම අනාගතයේදී විශාල අභියෝගයක් වනු ඇත. නික් චේටර් සිය 'The Mind Is Flat' කෘතියේ පෙන්වා දෙන පරිදි, මිනිස් බුද්ධියේ සැබෑ ශක්තිය ඇත්තේ "අවුල" දෙස බලා ඉන් "අර්ථයක්" මතු කරගැනීමේ හැකියාව තුළය. AI යනු දත්තවල රටා (Patterns) හඳුනා ගැනීමට සමත් වේගවත්ම තාක්ෂණික මාර්ගෝපදේශකයා විය හැකිය. කෘතිම බුද්ධියට දත්ත විශ්ලේෂණය කළ හැකි නමුත්, එයට "අමුතු නිශ්ශබ්දතාවයක්" (Awkward silence) හෝ ‘අසාත්මික ආදරයක්” යනු කුමක්දැයි තේරුම් ගත නොහැක. පරිපූර්ණත්වය යන්ත්‍රවල ලක්ෂණයකි. එනමුදු, සකස් නොකළ සහ පෙර සූදානම් නොවූ අත්දැකීම් අරභයා පැන නැගෙන වචන සහ සංකල්ප සමුදායක් ද...